ජනාධිපති වහලෙකු නොවිය යුතුයි – කරු ජයසූරිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දැනට පවරා ඇති සීමා රහිත බලතල, එයට හිමිකම් ඇති අය වහලෙකු බවට පත් කළ හැකි බලයන් වේ. එබැවින් ජනාධිපති එයට ගොදුරක් නොවී සැලකිල්ලෙන් ක්‍රියා කළයුතු බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා අත්සන් කිරීමත් සමගම ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම බලතල ඇති ජනතාවගෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙක් ඇති රටක් වනු ඇත.
එලෙස ලැබුණු උසස් බලතල පෞද්ගලික වාසි සඳහා යොදා නොගනු ඇතැයි විශ්වාස කරන බව තම Twitter පණිවුඩයක් මගින් කරු ජයසූරිය සඳහන් කර තිබුණේය. ඊට පසුවද තවත් Twitter සටහනක් මගින් ඉහත අනතුරු ඇගවීම කර ඇත.
එම සටහනේ ඔහු තවදුරටත් සඳහන් කරේ,
මේ වන විට ජනාධිපතිවරයා කවදත් කැමති වූ ආකාරයට අධික බලතල භුක්ති විදී. මෙම තත්වය ඔහු දැනටමත් පොරොන්දු වී ඇති පරිදි ජනතාව අතර සමෘද්ධිය සහ සාමය ඇති කිරීමට එම බලතල භාවිතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
– වීරකේසරි