අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් 77%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට

0
අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් 77%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් 77%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට

මෙරට අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් 77%ක් පමණ සව බල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව 2023 වසරේ සිට ඊට අදාළ නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල සඳහන් කරයි.

ලෝක බැංකුව යටතේ, සවිබල ගැන්වීම සඳහා තෝරා ගෙන ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව, 10,975ක් වන අතර මේ වනවිට ඉන් 40%ක් පමණ සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට අනුගත කරගෙන ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සමාජ ආරක්ෂණ අරමුදලේ සහ මහා භාණ්ඩාගාරයේ මුදල් යොදා ගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සිදු කරයි.

ඒ, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තෝරා ගත් අස්වැසුම ප්‍රතිලාභී පවුල් වලට අමතරවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com