ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්‍රකාශයට පත් කරයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය අදාළ කාල සටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි

එක් දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් මෙම තරග සංචරයට ඇතුළත්.

ඒ, අනුව එක් දින තරගාවලිය අරඹමින් පළමු එක්දින තරඟ ජුනි මස 03 වැනිදා සබීනා පාරක් හිදී ආරම්භ වන අතර දෙවන සහ තුන්වන එක් දින තරග ජුනි 06 සහ 08 යන දිනයන්වල දී එම සබීනා පාරක් හිදීම පැවැත්වීමට නියමිතයව තිබෙනවා.

දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය ජුනි 11වනදා ආරම්භ වන අතර තරග තුනකින් යුත් එම තරගාවලියේ දෙවන සහ තුන වන තරඟ ජුනි 13 සහ 14 යන දිනයන්වල දී සබීනා පාරක් හිදී පැවැත්වෙනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජුනි 25වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය ජූලි 03 වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඇන්ටිගුවා හිදී පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com