හිගමනේ ගොස් මහල් නිවාස පහක් – කෝටි ගණන් මුදල් ඉපැයූ කත!

හිගමනේ ගොස් මහල් නිවාස පහක් - කෝටි ගණන් මුදල් ඉපැයූ කත!

හිගමනේ ගොස් මහල් නිවාස පහක් - කෝටි ගණන් මුදල් ඉපැයූ කත!

ඊජිප්තුවේ ජීවත් වන 57 හැවිරිදි නබීෂා අවුරුදු 30 ක් තිස්සේ හිගමනේ යෙදී සිටින්නීය. ඇය තම ස්වාමිපුරුෂයාගෙන් වෙන් වූ දා පටන් මෙම ජීවිකාව තෝරාගෙන ඇත.

දින කිහිපයකට උඩදී නබීෂාගේ ක්‍රියාකාරකම් මත සැක සිති එරට පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ විට මහත් විමතියට තුඩුදෙන කරුණු හෙළි වී ඇත.

ස්වාමිපුරුෂයා විසින් අතහැර දැමූ පසු කිසිවක් කරකියා ගත නොහැකිව හිඟා කෑමට යොමු වී ඇත. අවුරුදු 30 තිස්සේ හිඟා කෑ මුදල් බැංකුවේ තැන්පත් කර ඇත. එලෙස ඇය ඉතිරි කල මුදලේ වටිනාකම රුපියල් කෝටි 1.5කි.

හිඟමනෙන් ඉපැයූ ආදායමෙන් මහල් නිවාස පහක් ඇය සතුව ඇත. ඒවා කුලියට ලබා දීමෙන් ලැබෙන ආදායමක්ද ඇය සතුය. නමුත් ඇය නොකඩවා තම හිඟමන් යැදීම කරගෙන ඇවිත් ඇත.

එපමණක් නොව, නබීෂා පසුගිය අවුරුදු 10 ක් තිස්සේ රෝද පුටුවක හිඟමනේ යෙදී සිට ඇත. නමුත් ඇයගේ පාදයන් කිසිදු ආබාධයකින් තොර බව පොලීසිය පවසයි.

තම කකුළේ ආබාධයක් නිසා වරක් රෝද පුටුව භාවිතා කර බවත් එවිට ආදායම වැඩි වූ බැවින් දිගටම එය භාවිතා කිරීමට පටන්ගත් බවත් ඇය පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *