කොරෝනා වෙළෙඳ කලාපයට පහරදෙයි, මේ මාසෙ පාඩුව කෝටි 400යි!

කොරෝනා වෙළෙඳ කලාපයට පහරදෙයි, මේ මාසෙ පාඩුව කෝටි 400යි!

කොරෝනා වෙළෙඳ කලාපයට පහරදෙයි, මේ මාසෙ පාඩුව කෝටි 400යි!

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදන අඩාල වීමෙන් මෙම මාසය තුළ රුපියල් කෝටි 400ක පමණ ආදායමක් අහිමි වී ඇති බව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරට ප්‍රධාන නිදහස් වෙළෙඳ කලාපයන් වන කටුනායක, බියගම, මීරිගම, මල්වත්ත, වතුපිටිවල සහ කොග්ගල යන ඒවායේ කම්හල් 275ක් පමණ පිහිටුවා ඇත.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් බැහැර තවත් කම්හල් 86ක් පමණ පිහිටුවා තිබේ.

මේවායේ සේවය කරන සේවක සේවිකාවන් 60%ක් පමණ සේවයට නොපැමිණෙන බැවින් නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස කඩාවැටී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *