උසස් පෙළ සිසුවෙකු ලෙස පෙනී සිටි කැළණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා අත්අඩංගුවට

0
සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්තඩංගුවට, කෝටි 9 ක මූල්‍ය අක්‍රමිකතාවක්

සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්තඩංගුවට, කෝටි 9 ක මූල්‍ය අක්‍රමිකතාවක්

උසස් පෙළ විභාගයේ සිසුවෙකු ලෙස පෙනී සිටි සිසුවෙකු සිකුරාදා (23) කල්පිටියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

කල්පිටිය ප්‍රදේශයේ පිහිටි සිංහල මාධ්‍ය පාසල් විභාග මධ්‍යස්ථානයක පෞද්ගලික විභාග අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටි සිසුවෙකු පළිබඳව සැක සිතුනු විභාග මධ්‍යස්ථාන පරීක්ෂකවරු, එම සිසුවා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ දී තවත් සිසුවෙකු වෙනුවෙන් පෙනී සිටි අයෙක් බව අනාවරණය වී තිබේ.

පසුව මෙම සිසුවා කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ සිසුවා කැළණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවත්, ඔහු උසස් පෙළ විභාගය ආරම්භ වූ දා සිට තම යහළුවා වෙනුවෙන් විභාගයට පෙනී සිට ඇති බවත් පොලීසිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com