ලෝක බැංකු අධ්‍යක්ෂ මහ බැංකු අධිපති හමුවෙයි

ලෝක බැංකු අධ්‍යක්ෂ මහ බැංකු අධිපති හමුවෙයි

ලෝක බැංකු අධ්‍යක්ෂ මහ බැංකු අධිපති හමුවෙයි

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වොස් මහතා, ශ්‍රී ලංකාව සඳහා වන කළමනාකාරිණි චියෝ කන්ඩා මහත්මිය මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා හමු විය.

දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු රාශියක් එහිදී සාකච්ඡා විය. මහ බැංකු අධිපති ලක්ෂමන් මහතා විසින් නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන්ම නිෂ්පාදනය සහ නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමටත් එමගින් එම රටවල ආර්ථික ස්ථායීතාව සහ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට බහුපාර්ශ්වීය මූල්‍ය ආයතන මගින් ලබා දෙන සහය පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ විවිධ අංශවලට, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ මෙන්ම අවිධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ වෙත දැනට ලබා දී ඇති සහ අනාගතයේ දී ලබා දිය හැකි සහය, සාකච්ඡා කළ අනෙකුත් කරුණු අතර විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *