අනුර ඉල්ලූ කොවිඩ් විවාදය, කල්තැබීමේ විවාදයක් ලෙස (23) හෙටට

ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි කියා විශ්වාසයක ඉන්නවා - ජනතා විමුක්ති පෙරමුණේ නායක
මෙරට කොවිඩ් – 19 තත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
හෙට 23වනදාට මෙම විවාදය පැවැත්වීමට අවස්තාව ලබා දෙන ලෙසත් මෙහිදී අනුර දිසානායක මහතා ඉල්ලා සිටින ලදී.
ඒ අනුව ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී අනුර දිසානායක මහතා ඉල්ලූ එම විවාදය හෙට 23 වනදා කල්තැබීමේ විවාදයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.