රිෂාඩ්ව අද පාර්ලිමේන්තු සභාවට රැගෙන එන්න ලිඛිත ඉල්ලීමක්

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙතද යොමු කොට තිබේ. ඊයේ (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ නියෝගයකට අනුව වේත්‍රධාරිවරයා මෙම පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී රිෂාඩ් බදියුද්දීන් හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැසවීම්වලට සහභාගී කරවියයුතු බවට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

එබැවින් මන්ත්‍රීවරයා හෙට සහ අනිද්දා දිනයන්හිදී පෙරවරු 10 ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වන බවද ලිපියේ තවදුරටත් සඳහන් වේ.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යය කටයුතු සැළසිය යුතු යැයි පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *