PCR පරීක්ෂාවෙන් ඵලක් නෑ – කොරෝනා ප්‍රජාවතුළ ව්‍යාප්ත වෙලා – ශ්‍රී ලංකා රසායනාගාර සංගමය අනතුරු අඟවයි

මෙවර කොරෝනා වෛරසය පෙරට වඩා දැඩි ආසාදන මට්ටමක, ජ’පුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම හෙළිකරයි

මෙවර කොරෝනා වෛරසය පෙරට වඩා දැඩි ආසාදන මට්ටමක, ජ’පුර විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම හෙළිකරයි

කොරෝනා ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පවත්වන PCR පරීක්ෂණ සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා රසායනාගාර සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මාධ්‍යයකට අදහස් දක්වමින් පවසා සිටියේය.

PCR පරීක්ෂණ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ඊට සම්බන්ධ බවත් ඔහු චෝදනා කර ඇත.එමෙන්ම පෞද්ගලික අංශ සහ විශ්වවිද්‍යාල මගින් සිදුකරන පරීක්ෂණ නිවැරදි යැයි පිළිගත නොහැකි බව ඔහු සඳහන් කළේය.

මෙතෙක් මෙම පරීක්ෂාවන් එකිනෙකාට වෙනස් ආකාරවලට සිදුකරන බවත් සම්මත පොදු ප්‍රතිපත්තියක් අනුව සිදු නොවන බවත් සඳහන් කළේය.

මේ වනවිට රෝගය සමාජය තුළ තීව්‍ර ලෙස පැතිර ගොස් ඇති බවත් සමාජය තුළ කොරෝනා ආසාදිතයන් කොපමණ ප්‍රමාණයක් සිටීද යන්න නොදන්නා බවත් රජයේ ප්‍රකාශයන් අසත්‍ය බවත්, ඔහු ප්‍රකාශ කර සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *