ශ්‍රී ලංකා පොලිස් සේවයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කිරීමට එරෙහිව පැමිණිලි

0
අපරාධ විමර්ශන අධ්‍යක්ෂක ඇතුලු පොලිස් ලොක්කෝ රැසකට මාරුවීම්; කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට ද මාරුවක්

පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැමිණිලි කර ඇත.

ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානි ජාසිංහාරච්චි මෑතකදී පත්කරන ලදී. මෙම පත්කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මෙලෙස පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තාවන් සඳහා වෙන් කර නොමැති තනතුරකට කාන්තාවක් පත්කර ඇති බවට ඔවුන් චෝදනා කර ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබී ඇති මෙම පැමිණිල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ සුභසාධන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානි ජාසිංහාරච්චි පත්කර තිබීම සඳහන් කළ යුතුය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com