“ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ ව්‍යාජ සාක්ෂි නිකුත් කරන ලෙස රහස් පොලිසිය මට තර්ජනය කළා” – යුද හමුදා බුද්ධි අංශ නිලධාරී

Ekneligoda

“ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ ව්‍යාජ සාක්ෂි නිකුත් කරන ලෙස රහස් පොලිසිය මට තර්ජනය කළා” – යුද හමුදා බුද්ධි අංශ නිලධාරී

පසුගිය රජය තුළ ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසිය තමා බිය ගැන්වීමට උත්සාහ කළ බව යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන කනිස්ක ගුණවර්ධන මහතා, දේශපාලන පළිගැනීම් සම්බන්ධව කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

“කරදරවලට පැටලෙන්න එපා” යැයිද, ප්‍රගීත් එක්නැලිගොඩ ඔබ සමඟ ගිරිතලේ හමුදා කඳවුරට පැමිණි බවත්, පසුව ඔහුව අක්කරයිපත්තු කඳවුරට ගෙන ගිය බවට දැනුම් දෙන ලෙසත්, අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් මෙලෙස අසත්‍ය තොරතුරු ලබා දෙන ලෙස රහස් පොලිසිය තමාට බලපෑම් කළ බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය මත කර්නල් සමිගුනරත්න විසින් එක්නැලිගොඩ ව පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා කරන ලෙස රහස් පොලිසිය තමාගෙන් ඉල්ලා ඇති බව කනිස් ගුණවර්ධන මහතා තව දුරටත් සඳහන් කළේය.

“මා අසත්‍ය කටඋත්තරයක් ලබා නොදීම නිසා උරණ වූ රහස් පොලීසිය ත්‍රස්ත මර්දන පනත යටතේ මිනීමැරුම් චෝදනා පටවා මාව අධිකරණය ඉදිරියට යොමු කළා. කිසිදු විභාගයක් නොමැතිව කිසිදු සාක්ෂියක් නොමැතිව මාව මාස අටක් රක්ෂිත බන්ධනාගාර ගත කළා” යනුවෙන්ද ඔහු පවසා සිටියේය.

ප්‍රේමතිලක නම් සහකාර පොලිස් අධිකාරී, දුමින්ද සිල්වා ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන බවත් ඔහු දගලනවා වැඩි බවත් එයට ඔවුන් ඉඩ දුන් බවත් පැවසූ බව කනිස්ක ගුණවර්ධන සඳහන් කළේය.

මම රහස් පොලිසියට සහාය නොදක්වන්නේ නම්, මටත් දුමින්ද සිල්වාගේ තත්වෙම ඇති වන බවත් ප්‍රේමතිලක කියා සිටි බව කනිස්ක ගුණරත්න පැවසීය.

– තිනක්කුරල්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *