මුල්ලේරියාව IDH රෝහලේ රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යයි

0
IDH

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිතයින් ඇතුළුව රෝගීන් 180 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මව්බිම වෙබ් අඩවියට පැවසීය.

අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ්-19 රෝගීන් සඳහා ඇඳන් 120ක් පමණ වෙන්කර තිබිණි.

මීට අමතරව, කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 26ක් වෙන් කර ඇත.

ඒ අතරින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් 400ක් පමණ කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් කර තිබේ.

මේ වන විට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොරෝනා ආසාදිතයින් 153 දෙනෙක් ප්‍රතිකාර ලබති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com