නීති විරෝධී තුවක්කු කම්හල – හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට…

නීති විරෝධී තුවක්කු කම්හල - හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට...
අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝවිල් ප්‍රදේශයේ නීති විරෝධී තුවක්කු නිෂ්පාදනයට සම්බන්ධ වී සිටි LTTE හි හිටපු සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුව, රාජ්‍ය බුද්ධි අංශය විසින් ඔක්තෝබර් 11 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම ඔවුන් නිෂ්පාදනය කළ ගිනි අවි 10ක් බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු රහස්‍ය තොරතුරුවලට අනුව, තුවක්කු සඳහා කොටස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ, තිරුකෝවිල් ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ගොඩනැගිල්ලක් බුද්ධි අංශයේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉරිදා දින වටලනු ලැබීය.
එහිදී තුවක්කු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කොටස් නිෂ්පාදනය කරන වානේ කම්කරුවෙකු වන තම්බිලුවිල් ප්‍රදේශයේ වාසය කරන කන්දයියා තවරාසා නම් 60 හැවිරිදි පුද්ගලයෙකුව එහිදී අත්අඩංගුවට ගනු ලැබීය.
නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන චරිතයක් ලෙස ක්‍රියා කරමින් සිටි LTTE හි හිටපු සාමාජිකයෙකු වන 35 හැවිරිදි සෝමසුන්දරම් සුජේන්දිරන් නම් පුද්ගලයාව, ඔහුගේ නිවසේදී රාජ්‍ය බුද්ධි අංශය විසින් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබීය.
තවද , සෝමසුන්දරම් සුජේන්දිරම් 2002 වර්ෂයේ මඩකලපුවේ තිබූ ‘ ඩෝරා බෝරා ‘ කඳවුරේ ආයුධ පුහුණුව ලබා ඇති බව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් BBC ද්‍රවිඩ සේවයට පැවසීය.
LTTEයේ ‘ තවරූපන් ‘ යන නමින් හැඳින් වූ මොහු, LTTE මෝටර් රථ අංශයේ සේවයේ යෙදුණු අයෙකි.
LTTE පරාජයෙන් පසු එම සංවිධානයේ සාමාජිකයින්ව රජය පුනරුත්ථාපනය කර ඇතත්, ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබූ සෝමසුන්දරම් සුජේන්දිරම් නම් හිටපු LTTE සාමාජිකයා පුනරුත්ථාපනය කර නොමැත යනුවෙන්ද බුද්ධි අංශ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ ගිනි අවි , රාජ්‍ය බුද්ධි අංශය විසින් තිරුකෝවිල් පොලිස් ස්ථානයට භාර දී ඇති බව දැනගන්නට ලැබිණි. මෙයින් අනතුරුව, සැකකරුවන්ද , අත්අඩංගුවට ගත් ගිනි අවි ද අක්කරෙයිපත්තු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිරුකෝවිල් පොලීසිය පියවර ගනිමින් සිටී.
-bbc tamil-