කොරෝනා නිසා ලබන වසරේදී ලොව පුරා කෝටි 15 ක ජනතාවක් දරිද්‍රතාවයට තල්ලු වීමේ අවදානමක! – ලෝක බැංකුව

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර මාස 18ක් දක්වා දීර්ඝ කරයි

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර මාස 18ක් දක්වා දීර්ඝ කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් ලබන වසරේදී ලොව පුරා කෝටි 15 ක ජනතාවක් දරිද්‍රතාවයේ අවදානමට ලක්වන බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වසංගතය මෙම වසරේදී කෝටි 8.8 ත් කෝටි11.5 ත් අතර ජනතාවක් දරිද්‍රතාවයට තල්ලු කරන බවයි.

මෙම සංඛ්‍යාව ලබන වසරේදී කෝටි 15 ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින අතර ලෝක ජනගහනයෙන් සියයට 1.4 කට වැඩි පිරිසක් තීව්‍ර දරිද්‍රතා තත්වයකට වැටෙනු ඇතැයි ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මල්පාස් පැවසීය.

දැනටමත් ඉහළ දරිද්‍රතා අනුපාතයක් ඇති රටවල තවත් මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවයට ලක්වනු ඇති බවත්, මධ්‍යම ආදායම් ලබන රටවල සැලකිය යුතු පිරිසක් ඉහළ දරිද්‍රතා රේඛාවට පහළින් වැටීමේ අවදානමක් ඇති බවත් වාර්තාවෙන් පෙන්වා ඇත.

ලෝක බැංකු සමූහයේ සභාපතිවරයා අවධාරණය කළේ වෙනස් පශ්චාත්-කොරෝනා ආර්ථිකයක් සඳහා ලෝක ජාතීන් සූදානම් විය යුතු බවයි.

-News1st

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *