20ට එරෙහිව වාසුදේව නානයක්කාරත් ලියුම් ලියන්න පටන් ගනී

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

යෝජිත 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කර තිබීම නුසුදුසු බවත් ජනාධිපතිවරයා හා පාලිමේන්තුව අතර බල තුලනයක් තිබිය යුතු බවද ලිපියේ සඳහන්ව තිබෙන බව දැනගන්නට තිබේ.

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඔහුට ඔහු පුරවැසිකම දරන අන් රටේ පුරවැසිභාවය අහෝසි කොට ඒ සඳහා සුදුසුකම් ලැබිය හැකි බවද එම ලිපියේ සඳහන් කර තිබෙන බවද වාර්තා වේ.

මීට ටික දිනකට පෙර පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින්ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *