20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට පත් කිරීමයි – මනෝ ගනේෂන්

මනෝ ගනේෂන්

මනෝ ගනේෂන්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට පත්කළ යුතුයි යන පරමාර්ථය සපුරාලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට රජය උත්සාහ කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සහ දෙමළ පක්ෂවල ක්‍රියාකලාපය පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේ,

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටේ ඕනෑවට වඩා බලයක් තියෙනවා. ඔහුට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් ද තියෙනවා. බලය ඔහුවටා සංකේන්ද්‍රනය වී ඇත. එහෙම තියෙන අවස්ථාවක ඔහුට තවත් බලතල අවශ්‍ය නැහැ.

එහෙත් මේ ආණ්ඩුව තුළ වියත්මග නමින් සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානය හරිම භයානක එකක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීමට රටපුරා මේ අය තමයි ප්‍රචාරය කළේ. මොවුන්ට අවශ්‍ වන්නේ රට එක ජාතියක්, එකම භාෂාවක් ඇති කිරීමටයි. මෙම කණ්ඩායම රජයට වෙනමම රජයක් විධියට කටයුතු කරනවා. ඒ නිසයි ඔවුන්ට බලය තවදුරටත් අවශ්‍ය වන්නේ.එයට විරුද්ධවන ඕනෑම කෙනෙකු මෙම කණ්ඩායම විසින් පලවා හරිනු ඇත.

මොවුන්ගේ පළමු පියවර ඒකාධිපති ජනාධිපතිවරයෙක් බිහි කිරීමයි. එයට වඩා වෙනත් හදිසියක් නැහැ. ජනපතිට ඔහුගේ වර්තමාන බලතල අනුව ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකියි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගතිය සඳහා සම්මත කරන ලද සංශෝධනයක්. එය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු ඇත්නම් ඒවා හදාගත යුතුයි. ඒකට සම්පූර්ණ ව්‍යවස්ථාවම අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් නෑ.

19 ට අනුව පොලිස්පතිව පවා ධුරයෙන් ඉවත්කළ නොහැකියි යන්න අමූලික බොරුවක්. අවශ්‍ය බහුතර බලයෙන් පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත්කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරියට ක්‍රියාත්මක කරන්න බැරිවුනේ පසුගිය රජය තුළ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර පැවති බල අරගලය නිසයි. එය නීතියේ අඩුපාඩුවක් නෙවෙයි.

ජේ.ආර්. ජයවර්ධනට වඩා ශක්තිමත් විධායක බලයක් ඇති ජනාධිපතිවරයෙක් ඇතිකිරීම වත්මන් රජයේ අරමුණයි. යහපාලනය හොඳයි කියලා මම කියන්නේ නෑ. එහි අඩුපාඩු තිබුණා. යහපාලන ආණ්ඩුව අළුත් ව්‍යවස්ථාවක් ඇති නොකරන බව මම කිව්වා.
මෙලෙස මාධ්‍යට අදහස් දැක්වූ මනෝ ගනේෂන්, රනිල් ඇතුළු සිංහල දේශපාලකයන්ට, දෙමළ ජනයාට විසදුමක් ලබා දියයුතුයි යන දැක්මක් හෝ අවශ්‍යතාවයක් හෝ නොමැති බවද ප්‍රකාශ කර සිටියේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *