නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 470,201 ක් දෙනෙකු අත් අඩංගුවට

මරණිය දණ්ඩනය ග්‍රෑම් 2 ග්‍රෑම් 5ට නගී : කුඩු ජාවාරමුන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි අනාවරණ
2015 සිට මෙම වසරේ සැප්තැම්බර් මස දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය සම්බන්ධයෙන් පුද්ගලයින් 470,201 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත්, මෙම කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 46,824.98 ක් සහ මත් පෙති 1,860,1786 අත් අඩංගුවට ගත් බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වාචික ප්‍රශ්න වාරය අතරතුර රටතුළ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ අත් අඩංගුවට ගැනීම් සහ වැටලීම් සම්බන්ධව විපක්ෂයෙන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ,
ශ්‍රී ලංකා පොලීසිය, රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, බන්ධනාගාර පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් 475,985 ක් සිදුකර ඇත.
මෙම ක්‍රියාකාරකම් වලක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒවා මහජනතාවගේ සහයෝගයෙන් සිදු කෙරෙන බවත්, රටේ මුහුදු සීමාවන් හි ආරක්ෂාව තර කර ඇති බවත් පවසා සිටියේය.