ලංකාවේ මානව හිමිකම් අන්ත අසරණ තත්වයක – එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් බරපතල චෝදනාවක්

2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කරලා - එක්සත් ජාතීන්ගේ මහලේකම්

2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කරලා - එක්සත් ජාතීන්ගේ මහලේකම්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කළ වාර්තාවක, ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියේ පැවති 45 වන සමුළුවේදී ඉදිරිපත් කළ මෙම වාර්තාවේ, ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් මත ලංකාවේ අධීක්ෂණයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය අප්‍රසාදය පළ කර ඇත.

තවද 2018 දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ අය ඔවුන්ගේ සංචාරයට පෙර හා පසු ප්‍රශ්න කිරීමකට ලක්කළ බවද ඔහු පවසා ඇත. මෙවර මානව හිමිකම් සමුළුවේ ශාඛා රැස්වීම්වලට ශ්‍රී ලංකාව සහ ජිනීවාව කේන්ද්‍ර කරගෙන ක්‍රියා කරන සංවිධාන ගණනාවක් එවැනි අභියෝග පිළිබඳ පැමිණිලි කර ඇති බවද ඔහු පැවසීය.

පසුගිය 2019 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සහකාර මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ තර්ජන හා පළිගැනීම් ක්‍රමය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එවැනි කරුණු වහාම නතර කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව දැනටමත් අදහස් දක්වා ඇති ඇන්ටෝනියෝ ගුටරෙස් සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ 2019 වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළ ගොස් ඇති බවත් නැවත පැමිණිලි ගණනාවක් පැමිණ ඇති බවත් මෙම තත්වය ඉතා බරපතල බවත්ය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *