Type to search

පාටා සම්මාන උළෙලේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්

Share

අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි ගෝලීය ආකර්ෂණීය බව අඛණ්ඩව සනාථ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 පාටා සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව මෙවර පාටා සම්මාන උළෙලේ දී නම් කළ ජයග්‍රාහකයින් 20 දෙනා අතරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැමිණීමට සමත් වී ඇත. ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් වලට සිත් ඇද ගන්නා සුලු සන්සුන් ගමනක් සදහා ශ්‍රී ලංකාව විශිෂ්ට ගමනාන්තයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ මෙම දෘශ්‍ය නිරූපණයේ සදහන් වේ.

ඉන්දියාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපළ වන අතර , පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එය 80% ක පසුබෑමකට ලක් වී තිබේ. එහෙයින් Next Door Neighbors සහ Serendipity Next Door යන අලෙවිකරණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණය රදවා ගැනීමේ ඵලදායි ව්‍යාපාරයක් වී තිබේ . ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගමනාන්තයක වරප්‍රසාද අත්විදීමේ හැකියාව මෙමගින් නිරූපණය වේ. මෙය සිනමාව, ගුවන් විදුලිය, ඩිජිටල් සහ වෙළෙඳ ප්‍රචාර ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ දිග හැරෙන 360° ක නිර්මාණාත්මක වැඩසටහනකි .

මෙම වීඩියෝ දර්ශන මුහුණු පොතෙන් මිලියන 73 ක් ද , යූ ටියුබ් හි මිලියන 2.2 ක් ද නරඹා තිබේ .

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *