හම්බන්තොට වරාය ණය උගුලක සිරවීමක් නොවේ – ජනපති, විදෙස් තානාපතිවරුන්ට කියයි

හම්බන්තොට වරාය ණය උගුලක සිරවීමක් නොවේ - ජනපති, විදෙස් තානාපතිවරුන්ට කියයි

හම්බන්තොට වරාය ණය උගුලක සිරවීමක් නොවේ - ජනපති, විදෙස් තානාපතිවරුන්ට කියයි

චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උගුලක සිරවීමක් ලෙස ඇතැම් පාර්ශව හැඳින්වුවද , හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙන්වා දුන්නා.

ඒ තමා වෙත අක්තපත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු සමඟ කෙටි පිළිසඳරක නිරත වෙමින්.

පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත්, එය භාවිත කරන්නේ වානිජ අරමුණු සඳහා පමණක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. කොරියානු ජනරජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරුන් එලෙස ජනාධිපතිවරයාට අක්තපත්‍ර පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උපයා මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක බවත්, ඒ නිසාම බොහෝ පාර්ශවයන්ගේ ආකර්ශනයට ලක්වන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එසේම, ඉන්දීය සාගරය අරඹයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේ ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බවයි.

කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව තමන් විශ්වාස කරන්නේ යැයි මෙහිදී ජර්මානු සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් ප්‍රකාශ කළා.ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට ලබා දිය හැකි උපරිම සහය ලබා දෙන බවයි ඔවුන් මෙහිදී කියා සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *