(Video) සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට ගැන හමාලියා දිගහරින ඇගේ කතාව

සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට ගැන හමාලියා දිගහරින ඇගේ කතාව

සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට ගැන හමාලියා දිගහරින ඇගේ කතාව

“අවුරුදු 16 ක් තිස්සේ නොයෙකුත් දුක් කම්කටොලු මැද්දේ වෙස්වලාගෙන ගිහිං මම මාගේ පුතාව නැවත ලබා ගත්තා. ඒකට මම දෙවියන්ට ස්තූති කරනවා.“ යනුවෙන් සුනාමි ව්‍යසනයෙන් නැතිවූ තම පුතා සොයාගත් මව අබූසාලි සිත්ති හමාලියා පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ සම්මන්තුරෛ පොලිස් වසමට අයත් මාලිහෛක්කාඩු ප්‍රදේශයේ සිට සුනාමියෙන් නැතිවූ තම අවුරුදු 5 ක් වයසැති පුතා හේතුවෙන් මෙතෙක් මානසික රෝගියෙක් ලෙස ජීවත් වූ ඇයගේ අත් නොහල උත්සාහය නිසා අද ඇයට තම පුතා ලැබී ඇත.

සුනාමි රළ පහර ගැසූ දිනයේ අත්දැකීම් විස්තර කරන ඇය තම පුතා නැතිවූ දින සිට මෙතෙක් ඇය දැරූ උත්සාහයන් පිළිබඳව විස්තර කළාය. “අම්පාර ඉස්පිරිතාලෙන් මගේ පුතාව ටිකට් කපා දෙමාපියන් යැයි කියා ගෙන කවුරුන්දෝ එක්කං ගිහිං තිබුණා. පුතා ජීවතුන් අතර කියලා මම දැන ගත්තා. පොලීසියට ගිහිං පැමිණිලි කළා. කල්මුණේ ඇති මානව හිමිකම් කොමිසමට තොරතුරු දීලා පැමිණිලි කළා. කිසිම දෙයක් හරි ගියේ නෑ.

මම උත්සාහය අත්හැරියේ නෑ. අම්පාරෙ නගරෙන් පිට පුතාව හැම තැනම හෙව්වා. පසුව මගේ පුතා ඒ නමින්ම සිංහල පාසලක ඉගෙන ගන්නා බව සොයා ගත්තා. මම විදුහල්පති තුමාව හමුවෙලා කථා කළා. ඔහු මට අවමන් කරලා එළව ගත්තා. මම කිහිප විටක්ම වෙළෙදාම් කරන විධියට වෙස්වළගෙන පුතාව බලන්න ගියා. මම පුතාව ලබා ගන්න සෑම උත්සාහයක්ම ගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලයටත් ලිව්වා.

මම පුතාව හදාවඩාගත් අයගේ ගෙදරට ගිහිං පුතාව බලලා මම තමයි ඔයාගේ අම්මා, ඔයා මාත් එක්ක එනවද? කියලා පුතාගෙන් ඇහුවා. පුතා මාත් එක්ක එන්න කැමතිවුනා. මම එවෙලෙම පුතාව ගෙදරට එක්කං ආවා.”

යනුවෙන් ඇය සතුටු කදුලු හලමින් අවුරුදු 5 දී නැතිවුනු තම රසීන් මොහමඩ් අක්රම් රිස්කාන් (වයස 21) නැමැති දරුවා පිළිබඳ විස්තර කලාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *