සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගනී..

සුජීව සේනසිංහට අයත් V8 රථය, වහාම CID භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්
හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
මෙවර මහ මැතිවරණයේ දී ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුන ද පරාජයට පත්විය.
ඉදිරියේ දී තමන් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය.
ලබන වසරේ සිට තමන් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටියේය.