ජාතික කොඩි, බෞද්ධ කොඩි ආනයනය වහා නතර කරන ලෙස ජනපතිගෙන් නියෝග

ජාතික කොඩි, බෞද්ධ කොඩි ආනයනය වහා නතර කරන ලෙස ජනපතිගෙන් නියෝග

ජාතික කොඩි, බෞද්ධ කොඩි ආනයනය වහා නතර කරන ලෙස ජනපතිගෙන් නියෝග

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබේ.මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහා ම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ.

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සමග ඊයේ(28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්ත පුරයේ Dankotuwa Textile Mill (pvt) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) Ltd සහ වත්තල Creative Textile Mill (pvt) Ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවන් පවසන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණ ද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිවරයා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරි කර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහා ම නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *