නව තානාපතිවරු 08ක් – මිලින්ද ඉන්දියාවට, රවිනාථ අමෙරිකාවට, පාලිත කොහොන චීනයට…

නව තානාපතිවරු 08ක් – මිලින්ද ඉන්දියාවට, රවිනාථ අමෙරිකාවට, පාලිත කොහොන චීනයට.
නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති අතර අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය. සී.ඒ චන්ද්‍රපේම මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපතිවරියක වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත් ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත් පත් කර තිබේ.
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර ඇති අතර හිටපු නාවික හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙසත් සංජිව් ගුණසේකර මහතා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබාදී ඇත.
-lt-