යහ­පා­ලන රජයේ කෝටි 25ක් විනාශ කළ ව්‍යාපෘති 5ක් වැසී­මට සැල­සුම්

මුදල් අමා­ත්‍යාං­ශය

මුදල් අමා­ත්‍යාං­ශයේ

පසු­ගිය ‘යහ­පා­ලන‘ රජයේ වසර 2ක කාල­යක් තුළ කිසිදු සේවා­වක් ලබා නොදී රුපි­යල් කෝටි 25කට අධික මුද­ලක් විය­දම් කර ඇති ව්‍යාපෘති කාර්යාල 5ක් වසා දැමීම සම්බ­න්ධ­යෙන් තීන්දු­වක් ගැනී­මට රජය කට­යුතු කර ඇතැයි මුදල් අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙක් කීය.

මෙම ව්‍යාපෘති කාර්යා­ල­යන්ට පසු­ගිය වස­රේදී පම­ණක් ව්‍යාපෘති සම්බ­න්ධී­ක­රණ ඒක­ක­යක් පව­ත්වා­ගෙන යාම සඳහා රුපි­යල් කෝටි 6කට ආසන්න මුද­ලක් ලබාදී ඇති බව අනා­ව­ර­ණය වී තිබේ. ඒ අනුව බස්නා­හිර කලා­පීය මහ­න­ගර සැල­සුම් ව්‍යාපෘ­තිය, විද්‍යා හා තාක්ෂණ නගර ව්‍යාපෘ­තිය, සමු­ද්‍රීය නගර ව්‍යාපෘ­තිය, ගුවන් නගර හා පරි­පා­ලන නගර ව්‍යාපෘ­තිය යන ව්‍යාපෘති වලින් පසු­ගිය වසර 2 තුළ කිසිඳු කාර්යක් ඉටු නොකර එම කාර්ය මණ්ඩ­ල­යට පම­ණක් මුදල් වැය කර ඇතැයි දැන­ග­න්නට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *