වතු සේවක රුපියල් දහසේ වැටුප ගැන සති දෙකකින් අවසන් තීරණයක්

වතු සේවක රුපියල් දහසේ වැටුප ගැන සති දෙකකින් අවසන් තීරණයක්

වතු සේවක රුපියල් දහසේ වැටුප ගැන සති දෙකකින් අවසන් තීරණයක්

වතුකරයේ කම්කරු ජනතාවගේ අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණය ගැනීම සඳහා සේවක – සේව්‍ය එකඟතාවය ලබා ගැනීමෙි අරමුණින් වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් සහ වතු සමාගම් පාලනය කරන හාම්පුතුන්ගෙ සම්මේලනයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දි පැවැත් වුණි.

එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්,පාර්.මන්ත්‍රී වඩිවේල් සුරේෂ්,හිටපු පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් ඇතුළු වතු වෘත්තීය සමිති නායකයන් ද හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු සමාගම් නියෝජිතයෝ ද සහභාගී වූහ.

මෙහි දි අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,මෙම වතු පාඩු ලබන බව කියමින් දිගින් දිගටම වතු කරගෙන යාම පුදුම සහගත බවත්,වතු සමාගම් පුණ්‍යායතන ලෙස කටයුතු කරන්නේ ද යන්න ප්‍රශ්න සහගත බවය.තමන් අධික ලෙස පාඩු ලබන්නේ නම් එම වතු නැවත රජයට බාරදිය හැක.එම වතු ලාභ ලබන ආකාරයෙන් පවත්වා ගෙන යාමට රජයට හැකි බව ද මෙහි දි ඇමතිවරයා පෙන්වා දුන්නේය.

වතු සමාගම්වලට විශාල මුදලක් රජය විසින් ලබා දී තිබිය දි , වතු නිවාස ඉදිකිරීම,මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරයි.එසේම වතු රෝහල් රජයට පවරා ගෙන වතුකරයේ සෞඛ්‍ය සේවා කටයුතු රජය බාර ගෙන ඒ වෙනුවෙන් ද රජය විශාල මුදලක් වාර්ෂිකව ආයෝජනය කරන බැවින්,එම නිසා වතු සමාගම්වලට විශාල මුදලක් ඉතිරි වන බව ද අමතිවරයා පෙන්වා දුන්නේය.

වතු සමාගම් බොහෝමයක් එහි සේවකයන්ට පානීය ජලය,සනීපාරක්ෂක පහසුකම්,නිවාස වැනි මූලික අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීමට අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් ඇමතිවරය ,වතුකර ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීමට මෙම රජය බැඳී සිටින බව ද අවධාරණය කළේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *