බෝරා ප්‍රජා නායකයාට මුම්බායි සිට විශේෂ ගුවන් යානයකින් පැමිණීමට, ශ්‍රී ලංකාවෙන් අවසර…

බෝරා ප්‍රජා නායකයාට මුම්බායි සිට විශේෂ ගුවන් යානයකින් පැමිණීමට, ශ්‍රී ලංකාවෙන් අවසර
ඉන්දියා – මුම්බායි හි දාවුදි බෝරා ප්‍රජා නායකයාට සහ ඔහුගේ ප්‍රජා සාමාජිකයන්ට මුම්බායි සිට විශේෂ ගුවන් යානයකින් පැමිණීමට ශ්‍රී ලංකා රජය අවසර දී තිබේ.
දාවුදී බෝරා ප්‍රජා නායකයා වන සෙයිද්නා මුබාදල් සයිබුදීන් මහතා පසුගිය ජූනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි නමුත් ඔහුගේ පැමිණීම ප්‍රමාද විය.
මේ තත්ත්වය මත, ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට බෝරා ප්‍රජා නායකයාට ද , මුම්බායි හි සිට ඔහුගේ සාමාජිකයන් 54 දෙනෙකුට ද , ඩුබායි සිට 8 දෙනෙකුට ද අවසර ලබා දී ඇති බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා තිබේ.
එම බෝරා ප්‍රජාව වැඩි වශයෙන් බණ්ඩාරවෙල රැඳී සිටින බව බලාපොරොත්තු වේ.