100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා හරීන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා හරීන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා හරීන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳ ‍විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ කාදිනල්තුමන්ට එල්ල කර ඇති චෝදනා අසත්‍ය හා ආසාධාරණ ඒවා බවත් එම ප්‍රකාශයේ ඇති කරුණු ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ දී කාදිනල්තුමා දේව මෙහෙයක් නොපැවැත්වූ බවට හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇතත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් සිරිත් පරිදි තම ආසන දෙව්මැදුර වන කොටහේන සාන්ත ලුසියා දෙව්මැදුරේදී පාස්කු රාත්‍රී මෙහෙය පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ.එමෙන්ම, එම දේව මෙහෙය පාන්දර දෙක පමණ වන තුරු පවත්වා ඇති අතර අප්‍රේල් 21 වන ඉරුදින ද උන්වහන්සේ විසින් අගරදගුරු නිවසේදී දිව්‍යපූජාවක් පවත්වා ඇති බවත් කොළඹ අගරදගුරු පදවිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.

එබැවින් තමන්ව සාධාරණීකරණය කරගැනීම සඳහා කාදිනල් හිමිපාණන්ව ඊට සම්බන්ධ කරගනිමින් මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බවත් කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කිසි ලෙසකින්වත් පෙරදැනුවත් වී නොසිටි බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා හරීන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා හරීන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *