(Video) ජනපති පැනවූ බතික් තහනම දයාසිරිටත් හොරෙන් ඉවත් කරලා… ජනපතිටත් ඉහළින් කවුද?

බතික් තහනම - දයාසිරි

බතික් තහනම - දයාසිරි

බතික් රෙදිපිලි සහ නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම පිළිබඳව පනවා තිබුණු තහනම කවුරුන් හෝ බලධාරීන් පිරිසක් විසින් තමන්ටත් හොර රහසේම ඉවත් කර ඇති බව බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කර ඇත්තේ ඊයේ (20) මාරවිල බතික් නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“එක එක්කෙනාගෙ තියෙන බලපෑම් මත නැවත බතික් ආනයනයට අවශ්‍ය කරන වටපිටාව සකස් වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමා එක්කත් මුදල් ඇමතිවරයා විදියට ගරු අග්‍රාමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා මේකට ස්ථාවර තහනමක් පනවන්න.

දැනට තහනම පනවලා තිබුණෙ ජනාධිපතිතුමා, හැබැයි කවුරුහරි බලවතුන් එකතුවෙලා ඒක නැවැත්තුවා. ඒ තහනම දැන් ආපහු අහෝසි කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක්. මොකද මගෙන්වත් අහන්නෙ නැතුව, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ඇමතිවරයාගෙන්වත් අහන්නෙ නැතුව එහෙම කරපු එක ගැන මම කණගාටුවෙනවා” යනුවෙනුයි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දයාසිරි ජයසේකර මහතා පවසන පරිදිම බතික් රෙදිපිලි සහ නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම තහනම් කර තිබුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකින් වන අතර එම තහනම් නියෝගය ඉවත් කර නැවතත් බතික් රෙදිපිලි සහ නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම අවසර ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාටත් ඉහළින් සිටින පුද්ගලයෙකු විය යුතු ය.

-Lankatruth-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *