එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන ලකුණු

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ; එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නෑ - ශ්‍රී ලංකාවේ ස්ථාවරය

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ; එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නෑ - ශ්‍රී ලංකාවේ ස්ථාවරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමේ මූලික පියවර ගෙන ඇති බව අද (17) රජය සඳහන් කළේය.කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදියා සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසි වාරය පසුගිය සඳුදා පැවැත්වුණු බවත් එහිදී ඔවුන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විවේචනය කළ බවත්ය.එසේ ම, රජයේ ප්‍රධාන තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීම ඔවුන් දැඩි ලෙස හෙළා දැක ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, සංහිඳියා හා ප්‍රතිසංවිධාන කොමිසම ඇතුළු කොමිෂන් සියල්ලෙන් ම අදාළ නිලධාරීන්ට විරුද්ධව චෝදනාවක් එල්ල වී නොමැති බව පැහැදලිව ප්‍රකාශ කර ඇති බවත් ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලට දැනුම් දී ඇති බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *