(Video)ඉන්දියාවට පැන්න ‘සාරා‘ ගෙන්වා පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිකරන්න – මුජිබර් රහුමාන්

0
පාස්කු ප්‍රහාර

පාස්කු ප්‍රහාර

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී දැනට ඉන්දියාවට පැන ගොස් සිටින බව කියන ‘සාරා’ නමැති කාන්තාව වහා ලංකාවට ගෙන්වාගෙන බෝම්බ සිද්ධියේ සුලමුල සියල්ල හෙළි කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය ‘සාරා’ පමණක් වන හෙයින් ඇය ලංකාවට ගෙන්වා ගත හොත් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කාගේ වුවමනාවකටද? එහි අරමුණ කුමක්ද? ආදී සියලු තොරතුරු ඇගෙන් හෙළි කර ගැනීමට හැකියාව අතැයි ද රහුමාන් මහතා සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවටද ගොස් තමන් ඒ ඉල්ලීම කළ බව කී මුජිබර් රහුමාන් මහතා ප්‍රහාරය පිටුපස සිටින හස්තය කවුදැයි සොයා ගැනීම සඳහා තමන් රජයට ඕනෑම සහයෝගයක් දීමට සූදානම් බවද කීවේය.

දිගන සිද්ධියෙන් පසු සහරාන්ගේ දේශන සහිත වීඩියෝ පටයක් තමාට ලැබුණු බව කී මුජිබර් රහුමාන් මහතා, තමා වහාම ඒ වීඩියෝ පටය පොලිස් මූලස්ථානයට බාරදී ඒ ගැන පරීක්ෂණ කරන්නැයි දැනුම් දුන් බවත්, වීඩියෝ පටයේ සඳහන් සහරාන්ගේ අදහස් ජාතීන් අතර ගැටුම් ඇති කරන ඉතා භයානක ඒවා බවත් එහිදී පොලිස් මූලස්ථානයට තමා දැනුම් දුන්නැයිද පැවැසීය.

‘සාරා’ රටින් පිට කිරීමට උදව් කළ බව කියන පොලිස් නිලධාරියා ද මේ වනවිට අත්අඩංගුවේ සිටින බව සඳහන් කළ මුජිබර් රහුමාන් මහතා ඉන්දීය රජයේද සහයෝගය ගෙන අදාළ සැකකාරිය වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවද කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com