වන්නි දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය ඉක්මනින්ම විසඳිය යුතුයි – කාදර් මස්තාන්

කාදර් මස්තාන්

කාදර් මස්තාන්

වන්නි දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) විසින් ආරම්භ කර මෙතෙක් සම්පූර්ණ නොකරන ලද සහ මෙතෙක් ගෙවීම් නොගෙවා අතරමග නවතා ඇති නිවාස පිළිබඳව ගැටළුව හැකි ඉක්මනට නිමා කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් වන්නි දිස්ත්‍රික්කය තුළ සිදු කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාමීය නිවාස ප්‍රාදේශිය සබඳතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කණ්ඩායම් නායක කාදර් මස්තාන් මහතා සාකච්ඡා කළේය.

කුරිරු යුද්ධයෙන් බැට කෑ නොයෙකුත් අවශ්‍යතාවයන් සමග දුෂ්කර ජීවිතයක් ගත කරන මෙම ජනතාව ණය බරින්ද, ගැලපෙන රැකිය නොමැතිවද, දැඩි අමාරුකම් මධ්‍යයේද, වැසි කාලයන්හිද, එම ප්‍රදේශවල ජීවත් වීමට අපහසු තත්වයක වුවද, ජීවිතය ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් රාජ්‍ය අමාත්‍යවරයා හට පැහැදිලි කර සිටියේය.

ඒ අනුව මේ පිළිබඳව ඇති සියලු තොරතුරු තමන්ට ලබා දෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇති අතර ඉදිරි දිනවල අදාල ප්‍රදේශයට ගොස් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *