ප්ලාස්ටික් කන පණුවෝ : මිහිතලය බේරාගැනීමේ අලුත්ම අපේක්ෂාව

0
ප්ලාස්ටික් කන පණුවෝ : මිහිතලය බේරාගැනීමේ අලුත්ම අපේක්ෂාව

ප්ලාස්ටික් කන පණුවෝ : මිහිතලය බේරාගැනීමේ අලුත්ම අපේක්ෂාව

ප්ලාස්ටික් කෑමෙන් ජීවත් වන පණුවන් සිටියි නම් මිහිතලයේ ප්ලාස්ටික් ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනු ඇත. මේ වන විට විද්‍යාඥයන් විසින් මෙම පණුවන් වර්ගය සොයාගෙන ඇතිවා පමණක් නොව, උන්ව යොදාගෙන ප්ලාස්ටික් විනාශ කිරීමේ අත්හදා බැලීම්වල ද යෙදෙමින් සිටියි.

mealworms යනුවෙන් සාමාන්‍යෙයන් හඳුන්වන්නේ ආහාර මත වැඩෙන,සෙන්ටිමීටර 2 ක් පමණදිගකින් යුක්ත පණුවන් වර්ගයක්. උන් mealworm beetle කියන කුරුමිණි වර්ගයේ කීට ආකාරයයි. සමහර වෙලාවට කුණුගොඩවල්වලින් කළු පාට කුරුමිණියන් මතු වෙන ආකාරය ඔබත් දැකල ඇති.

mealworms
mealworms

ඒ තමයි mealworm beetle. මේ කුරුමිණියන්ගේ කීට අවස්ථාව තමයි,විද්‍යාඥයන් විසින් ප්ලාස්ටික් ජීර්ණය සඳහා යොදාගන්නේ. ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ පර්යේෂකයන් දැනටමත් මේ ගැන විශාල පර්යේෂනයක නිරත වී සිටිනවා.

ප්ලාස්ටික් බහිස්‍රාවය

ස්ටයිරොෆෝම් (Styrofoam) වලින් නිෂ්පාදනය කළකෝපි කෝප්පයක් සතියක් ඇතුළත කා දමන්නට මේ වර්ගයේ පණුවන් 3,000 – 4,000 ක් අතර ප්‍රමාණකට සුළු දෙයක්. උන්ගේ බඩවැල්වලදීප්ලාස්ටික්,ජීර්ණයට ලක් වන බව සොයාගෙන තිබෙනවා.

ස්ටයිරොෆෝම්වල අඩංගු පොලිස්ටයිරීන්වලින් හරි අර්ධයක් මේ ආකාරයෙන් ජීර්ණය කරන විට උන් තමන්ගේ ශරීර තුළදීම ඒවා කාබන්ඩයොක්සයිඩ් බවට පත් කර මුදා හරිනවා. අනෙක් කොටස ‘ක්ෂුද්‍ර ප්ලාස්ටික්‘ (මයික්‍රොප්ලාස්ටික්)විදිහට මුදා හැරෙනවා.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් හෙවත් ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු,ආහාරදාමවලට ඇතුළත් වීම ලෝකය මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්. මේ නිසා, මීල්වෝම් වර්ගයේ පණුවන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා විට මේ අවදානම ඉහළ යාවිදැයි සොයාබැලිය යුතුයි.

මෙහිදීහෙළි වෙලා තියෙන්නේ,මේ ජීර්ණ ක්‍රියාවලියේදී මීල්වෝම් වර්ගයේ පණුවන්ගේ ශරීර තුළට විෂරසායනික එක්රැස් නොවන බවයි. ඒ අනුව ආහාරදාමයට මේවා එකතු වෙන්නෙ නැහැ. ඒ කියන්නේ,මීල්වෝම් වර්ගයේ පණුවන් ව ආහාරයට ගන්නා කුකුළන් හෝ ඌරන් වගේ සතුන්ගේ ශරීරවලට ඒවා ඇතුළත් වන්නේ නෑ.

ස්ටැන්ෆර්ඩ් විද්‍යාගාරයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා අංජා මලාවි බ්‍රැන්ඩන්
ස්ටැන්ෆර්ඩ් විද්‍යාගාරයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා අංජා මලාවි බ්‍රැන්ඩන්

ඒ වගේම මෙම ප්ලාස්ටික් ජීර්ණයට උදව් කරන,මීල්වෝම් පණුවන් තුළඇති බැක්ටීරියාවමීට පෙර හඳුනා නොගත් එකක් බවත් පර්යේෂකයන් කියනවා.

පොලිතීන් කන්නට හපන්නු

පොලිස්ටයිරීන් වගේම පොලිතිලීන් කියන බහුඅවයවිකයත් ආහාරයට ගන්නට මේ පණුවන්ට පුළුවන්. පොලිතිලීන් කියන්නේ සාමාන්‍යපොලිතීන්වලට. මෙය,ලෝකයේ වැඩිපුරම භාවිතා වන ප්ලාස්ටික් වර්ගයයි.

ප්‍රතිචක්‍රීකරණයට නව බලාපොරොත්තුවක්

මේ වන විට පෘථිවිය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටළුවක් වන්නේ ප්ලාස්ටික් දූෂණය (Plastic pollution) යි. අලුත්ම වාර්තාවලට අනුව,වසර 2040 වනවිට සාගරයේ පොලිතීන් ප්‍රමාය දැන් තිබෙන ප්‍රමාණය වගේ තුන් ගුණයකින් ඉහළ යන්නට නියමිතයි.

ඒ අනුව වසර 2040 වන විට සාගරයේ තිබෙන පොලිතීන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 29 ක් දක්වා වැඩි වෙන්නට නියමිතයි. ප්‍රතිචක්‍රීකරණය මගින් ඉවත් කරන්නට පුළුවන් කම තිබෙන්නේ එයින් 31%-45% අතර ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණ කාර්යය මිනිසුන්ගෙන් පණුවන්ට යම් ප්‍රමාණයකට හෝ භාරකරන්නට කාලය ඇවිත්.

මීල්වෝම් මිනිසුන්ගේත් ආහාරයක්!

තවත් කාරණයක්. මීල් වෝම් වර්ගයේ පණුවන් කුකුළන් සහ ඌරන්ගේ ප්‍රියතම ආහාරයක් බව ඉහතින් කියා තිබෙනවා. නමුත් මෙයට අමතරව මීල්වෝම් පණුවන් ආහාරයට ගන්නා මිනිසුන් ද සිටිනවා.

Canned Mealworms
Canned Mealworms

මේ මීල්වෝම් පණුවන් ලෝකයේ සමහර රටවල්වල රසවත් ආහාරයක් විදිහටත් පිළිගැනෙනවා. ඇමරිකානු ඩොලර් 5කට වගේ,කලින් පිසින ලද සහ කෑන්කළ පණුවන්,නැවතත් මීල් එකක් ලෙස ගන්නට අවස්ථාව තිබෙනවා.

කොහොම වුණත්,ඉවතලන ආහාර මත හැදෙන පණුවන්,පෝෂණ ගුණයෙන් ඉහළ නිසා නැවත ඒ පණුවන් ව ආහාරයට ගන්නවා වෙනුවට,උන්ව මිහිතලයේ ප්ලාස්ටික් ප්‍රශ්නය විසඳන්නට යොදා ගැනීම පරාර්ථකාමී – පරිසරහිතකාමී වැඩක්.


-දිනිති විජේරත්න outboundtoday වෙබ් අඩවියෙන්-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com