(Video) “ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කතානායක” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

රජය යමක් වසන් කළාද? - සජිත්ගේ කතාවෙන් හෙළි වූ කරුණු

රජය යමක් වසන් කළාද? - සජිත්ගේ කතාවෙන් හෙළි වූ කරුණු

මරණිය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා ඉඩදීමට කතානායකතුමා විසින් කටයුතු කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූයේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ,
“1982 දී එවකට කතානායක බාකීර් මාකර් මහතා විසින් ලබා දුන් පූර්වාදර්ශයට පටහැනිව ඔබතුමා කටයුතු කර, ඔබතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවත් ඒවගේම 91 ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් මේ දින කිහිපයකට පෙර ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් කතානායකතුමාගේ තීන්දුව විවේචනයට ලක් කළේය.

තව දුරටත් ඔහු පැසූවේ,
“ඔබතුමාගේ වගකීම තමයි මේ සභාව ආරක්ෂා කිරීමත්, සභාවේ මන්ත්‍රීතුමන්ලගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, රටේ උත්තරීතර නීතිය ආරක්ෂා කිරීමත්, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ආරක්ෂා කරන්නට ඕන. ඔබතුමා ගත්තු තීන්දුවෙන් මට හැඟීයන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවත් 91වන ව්‍යවස්ථාවන් උල්ලංඝනය වී තිබෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්නට ඕන”
යනුවෙන් ය.
ඔහුගේ සම්පූර්ණ කථාව පහලින් නරඹන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *