ලංකාවේ මාධ්‍යය සහ ඔස්ට්‍රේලියානු මිතුරා විසින් ISIS ත්‍රස්තවාදියෙක් කරපු ලාංකික මුස්ලිම් සිසුවා – කමර් නිසාම්ඩීන්

කමර් නිසාම්ඩීන් - kamar nizamdeen

කමර් නිසාම්ඩීන් - kamar nizamdeen

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තෝරාගත් “වැදගත්” පුද්ගලයන් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි චෝදනා කරමින් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් 2018 වසරේ අගෝස්තු 30 වන දා ඔස්ට්‍රේලියාවේදී පොලිස් අත්අඩංගුවට පත් කිරීමේ සිද්ධිය ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවට එම චෝදනාව කළ අර්සලාන් කවාජා ඊයේ ඩවුනිං දිස්ත්‍රික් අධිකරණය හමුවේ පාපෝච්චාරණයක් කළේය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා සහ ඔහුගේ සොහොයුරු අර්සලාන් කවාජා(වම)
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා සහ ඔහුගේ සොහොයුරු අර්සලාන් කවාජා(වම)

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරෙකු වන අර්සලාන් කවාජා අධිකරණය හමුවේ පැවසුවේ, කාන්තාවක සමග නිසාම්ඩීන් පැවැත්වූ මිතුරු සබඳතාවක් සම්බන්ධයෙන් ඇතිවූ ඊර්ෂ්‍යාසහගත සිතිවිල්ලක් මත සිය මිතුරාට එලෙස බොරු චෝදනාවක් එල්ල කළ බවය.

ඔහු අධිකරණය හමුවේ පවසා තිබුණේ, තමන් පෞරුෂත්වය පිළිබඳ මානසික ව්‍යාධියකින් පෙළුණු අයෙකු බවය.”මම ක්‍රියා කළේ නිවටයෙක් වගේ. මට තිබුණා මගේ යාළුවා අත්අඩංගුවට ගන්න කලින් මේ ඇත්ත කියන්න,” අර්සලාන් කවාජා අධිකරණය හමුවේ හඬමින් පවසා තිබිණි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තෝරාගත් “වැදගත්” පුද්ගලයන් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැක කරමින් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් 2018 වසරේ අගෝස්තු 30 වන දා ඔස්ට්‍රේලියාවේදී පොලිස් අත්අඩංගුවට පත්විය.”ISIS අනුබද්ධ” ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු ඇතුළත් වී ඇතැයි සැලකෙන සටහන් පොතක් හමුවූ බව කියමින් ඔහුගේ මිතුරෙකු වූ අර්සලාන් කවාජා ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව ඔස්ට්‍රේලියාවේ පුවත්පත් වාර්තා කර තිබිණි.

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටි කමර් නිසාම්ඩීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එරට විශ්ව විද්‍යාලයකට අනුයුක්තව රැකියාවක නිරත වී සිටියේය.

කමර් නිසාම්ඩීන් භාවිත කළ පරිගණකය, ජංගම දුරකතනය සහ වෙනත් ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් ද ඔහුට එරෙහි කිසිදු තොරතුරක් හමුවී නොමැති බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබිණි.ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ ශ්‍රී ලාංකික ශිෂ්‍යයා වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලීසියෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව අත්අඩංගුවට පත් කමර් නිසාම්ඩීන්ගේ නීතිවේදියා පවසා තිබිණි.

ඇප මත මුදාහැර සිටි 25 හැවිරිදි මොහොමඩ් කමර් නිසාම්ඩීන්ට එරෙහිව එල්ල කර තිබුණු ත්‍රස්ත චෝදනා ඔස්ට්‍රේලියාවේ නිව්ස් සවුත්වේල්ස් පොලීසිය විසින් පසුව ඉවත්කර ගනු ලැබිණ.

ලංකාවේ මාධ්‍යන්

මේ අතර ලංකාවේ ප්‍රවෘත්ති වාර්ථාවන් ද කමර් නිසාම්ඩීන් ත්‍රස්තවාදියකු ලෙස වාර්තා කොට තිබුනි.
පහතින් දැක් වෙන්නේ එසේ පල වූ වාර්තාවන් කිහිපයක්.

කමර් නිසාම්ඩීන්

කමර් නිසාම්ඩීන්

කමර් නිසාම්ඩීන්

කවුද මේ කමර් නිසාම්ඩීන්?

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටි කමර් නිසාම්ඩීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එරට විශ්ව විද්‍යාලයකට අනුයුක්තව රැකියාවක නිරත වී සිටියේය.

කොළඹ ප්‍රධාන පෙළේ ධනවත් මුස්ලිම් ජාතික පවුලක ඉපදුණු කමර් නිසාම්ඩීන්, කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා තිබේ.ඉන්පසු කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ ද්විතීක අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඔහු ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත්තේ, 2015 වසරේදී ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥයෙකු වන ෆායිස් මුස්තාෆා සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කමර් නිසාම්ඩීන්ගේ සමීප ඥාතීහුය.

-මව්බිම ඇසුරෙන් –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *