වනෝද්‍යාන නීති උල්ලංඝණය කළ හිටපු ජනපති පුත් දහම් සිරිසේන

දහම් සිරිසේන

දහම් සිරිසේන

හිටපු ජනපති හා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සහ ඔහුගේ මිතුරන් ජාතික වනෝද්‍යාන හා සම්බන්ධ පනත උල්ලංඝණය කරන ආකාරයේ ඡායාරූප මුහුණු පොතේ සැරිසරයි.

දහම් සිරිසේනගේ මිතුරෙකු වාහනයකින් බැස කවුඩුල්ල ජාතික වනෝද්‍යාන ප්‍රදේශයේ මොහු සමග ඡායාරූපයකට පෙනී සිටින ඡායාරූපයක්ද මෙහි ඇතුලත් වේ.
ආරක්ෂිත හේතූන් මත ජාතික වනෝද්‍යානවල ගමන් කරන වාහන වලින් බැස නොයන ලෙස ජාතික හා ජාත්‍යන්තර සංචාරකයින්ට දැඩි ලෙස උපදෙස් දී තිබේ.

මුහුණු පොතේ පළ කරන ලද ඡායාරූප වලින් දහම් සිරිසේන සහ ඔහුගේ මිතුරන්ට බලපෑමක් නොවන බව ඇතැම් නිරීක්ෂකයින්ගේ මතයයි.

-Image:tamilwin

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *