ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ හා මුස්ලිම් නියෝජිතයෙකු තේරීම අභියෝගයක් – ඇමති ඩග්ලස්

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් සුදුසු නියෝජිතයෙකු තෝරා ගැනීම අභියෝගයක් බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කරයි. පසුගිය කාල වකවානුවල සිටි දේශපාලකයින්ගේ ක්‍රියාකාරකම්ද මෙම සෝචනීය තත්වයට හේතු වූ බව ඔහු පවසා සිටියේය.

දෙමළ හා මුස්ලිම් ජනතාවගේ හැගීම් පිළිබිඹු කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට නියෝජිතයින් ඇතුළත් කළ යුතු බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වූ අතර, සුදුසු අපේක්ෂකයින් දෙදෙනෙකු නම් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත. කෙසේ වෙතත් මේ වන තුරු දෙදෙනෙකු නිර්දේශ කර නොමැත.

එවකට අපි බුද්ධිමතුන්ගෙන් පිරුණු අය වුනෙමු, නමුත් පසුගිය කාලයන්හි දෙමළ ජනතාවගේ නායකයින් යැයි කියාගත් පුද්ගලයින්ගේ තාර්කික නොවන වීරත්වයේ ප්‍රතිඵලයන්හි එක් හේතුවක් බුද්ධිමතුන්ගේ පුරප්පාඩු බවය.

සන්නද්ධ ක්‍රියාවන් නිසා බුද්ධිමතුන් බොහෝ දෙනෙක් මරණු ලැබූහ එමෙන්ම බහුතරයක් රටින් බැහැර වූහ. වත්මන් ප්‍රජාවද සමාජමය ක්‍රියාවන්ගෙන් ඈත් වී සිටිති.

මෙවැනි හේතු නිසා ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සුදුසු නියෝජිතයෙකු පත් කළ නොහැකි බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *