අන්තර්ජාලය හරහා ඔබව අන්දවලා සොරකම් කරන විදි ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්!

අන්තර්ජාලය හරහා ඔබව අන්දවලා සොරකම් කරන විදි ගැන පිළිබඳ පොලීසියෙන් දෙනුවත් කිරීමක්!
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැන්වීම් පළ කර මුදල් වංචා සිදු කරන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි .
තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැන්වීම් පළ කර මුදල් වංචා සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙස බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
එපමණක් නොව මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට ව්‍යාජ පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ යවා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගනිමින් සිදු වූ මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබේ.
එමෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මගින් නොහඳුනන පුද්ගලයින් හරහා මිතුරු ඇරයුම් යවා එමගින් එවනු ලබන ත්‍යාග, රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම පිළිබඳව සහ ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සිදු කරන්නා වූ විවාහ යෝජනාවලට හසු වී මුදල් වංචා කිරීම් සම්බන්ධව ද තොරතුරු ලැබී ඇති බවට පොලීසිය තව දුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන මුදල් වංචා කිරීමේ සිද්ධීන්වලට හසුවීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ආයාචනා කර සිටී.