සිංහරාජ පිළිබඳ යුනෙස්කෝවට පැමිණිලි කළ මංගල සමරවීර…

0
"චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?"- මංගල ප්‍රශ්න කරයි

"චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?"- මංගල ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවෙහි ඇති සිංහරාජ වන ප්‍රදේශයට තර්ජනයක් ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවට හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

1988 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලෝක පාරම්පරික උරුමයක් ලෙස පිළිගනු ලැබු ශ්‍රී ලංකාවෙහි පිහිටා ඇති සිංහරාජා වන රක්ෂිතය තර්ජනයට ලක්ව ඇති බවට යුනෙස්කෝ අධ්‍යක්ෂ වෙත සමරවීර මහතා දැනුම් දී තිබේ.

මීට පෙර අවස්ථාවලදී ද වනාන්තරයේ දේශ සීමාව දිගේ මාර්ග ඉදි කිරීමට උත්සාහ දරා ඇති බව ද සමරවීර මහතා තම පෙත්සමෙහි සඳහන් කර ඇත.

කෙසේවුවත් 2020 අගෝස්තු 10 වන දින, ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව සිංහරාජා වනාන්තර මායිමේ පිහිටා ඇති ලංකාගම සිට දෙනියාය තෙක් මාර්ගයක් සැකසීමේ කාර්යය ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මෙවැනි ඓතිහාසික ස්ථාන, නායයෑම් ස්ථාන, ඇතුළු ස්වභාවික විපත් පිළිබඳ කිසිඳු මගපෙන්වීමක් හමුදාවට සපයා නැතැයි මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල්වලට දන්වා ඇති පරිදි 2020 අගෝස්තු 19 වන දින තාවකාලිකව පිළිසකර කිරීම් කටයුතු නවතා ඇති බව ද ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහන ලංකාගම ග්‍රාමීය ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා ඉදි කළ බව පැවසුවත් එය පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතාවයක් සඳහා ආරම්භ කර ඇති බවට මංගල සමරවීර මහතා චෝදනා කර ඇත.

-virakesari-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com