උග්‍ර වන මුහුදු ඛාදනය – ඔලුවිල් නගරය මුහුදට බිලි වීමේ අවදානමක

උග්‍ර වන මුහුදු ඛාදනය - ඔලුවිල් නගරය මුහුදට බිලි වීමේ අවදානමක

උග්‍ර වන මුහුදු ඛාදනය - ඔලුවිල් නගරය මුහුදට බිලි වීමේ අවදානමක

අම්පාර දිස්ත්‍රික් ඔලුවිල් වරාය අසල ප්‍රදේශය විශාල ලෙස ස්වාභාවික විපතකට මුහුණ දී සිටී. ඔලුවිල් වෙරළට ඔබ්බෙන් මුහුදු ඛාදනය තීව්‍ර වී ඇති අතර එය වැලැක්වීම සඳහා යෙදූ විවිධ බාධක ද බිඳ දමා මුහුදු ඛාදනය ව්‍යාප්ත වී ඇත. එය ජනතාව අතර විශාල බියක් ඇති කර තිබේ.

වෙරළ ඛාදනය හේතුවෙන් මුහුද අසල ඉදිකර ඇති බොහෝ ගොඩනැගිලි සහ බැමි මෙන්ම පොල් ගස් මුහුදට ගසා ගෙන ගොස් ඇත. මිනිසුන්ට අක්කර සිය ගණනක ඉඩම් අහිමි වී ඇති අතර ව්‍යාපාරික කටයුතුවලදී විශාල අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ධීවරයෝ කනස්සල්ලට පත්ව සිටිති.

අම්පාරා දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල මුහුදු ඛාදනය තීව්‍ර වීමට ප්‍රධාන හේතුව ලෙස ඔලුවිල් ප්‍රදේශයේ වරායක් ඉදිකිරීම බව ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මැසිවිලි නගමින් සිටීම මෙහිදී පෙන්වා දිය යුතුය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන එම්. අයි. එම්. කලීල් මහතා බී.බී.සී. දෙමළ ප්‍රවෘත්තිය වෙත ප්‍රකාශ කර සිටියේ සුනාමිය නිසා පෘථිවි තහඩු වල ඇති වු හිඩැස් නිසා මුහුදු රළවල වේගය වැඩි වීමට ඉඩ ඇති බවත් තත්වය තීව්‍ර වී ඇති බවත් ය. එමෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වරාය පිහිටා තිබීම මුහුදු ඛාදනය තවදුරටත් දිරිගැන්වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *