(Video) මන්ත්‍රී අසුන අතුරලියේ රතන හිමියන් මංකොල්ල කන්න හදනවා, අපි නඩු මගට යනවා – අපේ ජනබල පක්ෂ
අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධ ගැටළුව තවමත් විසදී නැහැ, මන්ත්‍රීධූරය පිළිබඳව මේ වනවිට පවතින ප්රශ්නය විසඳාගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ(04) පෙත්සමක් ගොනු කළ බව එහි සභාපති සමන් පෙරේරා මහතා පැවැසීය.
අගෝස්තු හත්වැනිදා සිටි මේ දක්වා මෙම ප්රශ්නය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ කළ බවත් එය කරගැනීමට නොහැකි වූ බැවින් මෙසේ අධිකරණයේ පිහිට පතා සිටි බවත් හෙතෙම කියා සිටියේය. ලබා දුන් ජනවරම අනුව මන්ත්‍රී ආසනය පිරවීමට මෙතෙක් නොහැකි වීම ගැන තමන් කණගාටු වන බවත් 67,878 දෙනෙකු ගේ බලාපොරොත්තු අහිමි වී ගොස් පක්ෂය අපකීර්තියට පත්ව ඇති බවත් සමන් පෙරේරා මහතා කීය.
සමන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය සද්ධර්මරාජික විහාරයේ ඊයේ(04) පැවති මාධ්‍ය හමුවකදීය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මන්ත්‍රී අසුන ලබා දෙන්නට පක්ෂය ගත් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් නිසා යැයි ද පැවැසීය. මෙම මන්ත්‍රී අසුන ලබා ගැනීමට උපකාර ඉල්ලා අතුරලියේ රතන හිමියන් වේදිනිගම විමලතිස්ස හිමියන් සමඟ දේශපාලන බලවතුන් හමුවන බව තමන්ට සැලවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.