විග්නේෂ්වරන්ව අත්අඩංගුවට ගත යුතුයි! – මාගල්කන්දේ සුදත්ත හිමියන්

අනාගතයේ භයානක පොලිස් ජිහාදයක් බිහිවේවිදෝ සැකයක් මතුවෙනවා – මාගල්කන්දේ සුදත්ත හිමි
එල්ටීටීඊ යේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරන දෙමළ මහජන ජාතික සන්ධානයේ නායක විග්නේෂ්වරන්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස, නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් ඉල්ලා සිටී.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ,
“දේශපාලන වාසි තකා ජාතිවාදය උසිගැන්වීමේ ක්‍රියාවන්වලට විග්නේෂ්වරන් සම්බන්ධ වී ඇත. ඔහුගේ මෙම උත්සාහය පරාජය කිරීමට සියළු ජනතාව ඒකරාශී විය යුතුයි.
එපමණක් නොව විග්නේෂ්වරන්ව වහාම අත්අඩංගුවට ගෙන ඔහුගේ පාපොච්චාරණය සටහන් කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළ පමණක් නොව පාර්ලිමේන්තුවෙන් පිටතදී ද ඔහු මතභේදාත්මක අදහස් පළ කරයි.
එල්ටීටීඊ යේ බෙදුම්වාදී කඳවුර ද ඔහු නියෝජනය කරයි. ඔහුගේ එම නිවේදනය අපි තරයේ හෙළා දකිමූ” යනුවෙන්ද තව දුරටත් පැවසීය.