(Video) ඉතිහාසය අලුත් කළ සොයා ගැනීම : කුමන රක්ෂිතයෙන් බුද්ධ ප්‍රතිමා කිහිපයක් සොයා ගැනේ ..

ඉතිහාසය අලුත් කළ සොයා ගැනීම : කුමන රක්ෂිතයෙන් බුද්ධ ප්‍රතිමා කිහිපයක් සොයා ගැනේ

ඉතිහාසය අලුත් කළ සොයා ගැනීම : කුමන රක්ෂිතයෙන් බුද්ධ ප්‍රතිමා කිහිපයක් සොයා ගැනේ

කුමන රක්ෂිත වනාන්තරයේ සිදු කළ ගවේෂණයකදි බුදු පටුන්ගල ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක ශෛලමය අයුරින් නෙළා තිබෙන හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රි බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් තිබී පසුගිය දින සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

මෙම ප්‍රතිමා ක්‍රිස්තු වර්ෂ හත්වන හෝ අටවන වර්ෂ වලට අයත් බවත් මෙම ප්‍රතිමා රුහුණු ප්‍රදේශයට ආවේණික සම්ප්‍රදායන් පෙන්නුම් කරන බව මහාචාර්යවරයා කීය.

සොයාගත් ප්‍රතිමා අඩි හය හතක් උස බවත් ප්‍රතිමා දෙකක කොටස් කඩා බිද තිබෙන බවත්මෙම පිළිම පිළිබදව මෙතෙක් කිසිදු තැනක සදහන් නොවන බවද මහාචාර්යවරයා කියයි. මොණරාගල වෙල්ලස්සේ හඩ සංවිධානයේ දායකත්වයෙන් මහාචාර්ය්‍ය රාජ් සෝමදේව මහතා ඇතුලු පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍යයින් මෙම සොයා ගැනීමට සහභාගි වී තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ පවත්වති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *