උමා ඔය ඉදිකිරීම් කටයුතු සඳහා ඉරානයෙන් තවත් කාර්මික ශිල්පීන් 100ක්!

උමා ඔය ඉදිකිරීම් කටයුතු සඳහා ඉරානයෙන් තවත් කාර්මික ශිල්පීන් 100ක්!
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා තවත් ඉරාන කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් ඇතුළු 100 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.
ඉරාන නිලධාරීන් 84 දෙනෙකු දැනටමත් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටිති.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරකට පැමිණ ඇති බව ද ආචාර්ය සුනිල් ද සිල්වා මහතා තව දුරටත් පැවසීය.
-NF Tamil-