දෙමළ නියෝජනයක් නැති පුරාවිද්‍යා උරුම බලකාය පත්කරන්නේ අනාගතයේදී සිංහල බෞද්ධකරණය කරන්නද? – චාල්ස්

චාල්ස් නිර්මලනාතන් - Charles Nirmalanathan

චාල්ස් නිර්මලනාතන් - Charles Nirmalanathan

නැගෙනහිර පළාත් පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීමේ බලකායෙහි ද්‍රවිඩ නියෝජනයක් නොමැති වීම දෙමළ ජනයාගේ ඉතිහාසය හා සංස්කෘතික අනන්‍යතාවන් විනාශ කර, අනාගතයේ දී බෞද්ධ සිංහලකරණයට මඟ පෑදීමට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාතන්(Charles Nirmalanathan) මහතා ප්‍රශ්න කර තිබේ.

නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ඊයේ (බ්‍රහස්පතින්දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව පැවති විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් මෙම බලකායට එකදු දෙමළ ජාතිකයෙකුවත් ඇතුළත් නොවීය. මැතිවරණයෙන් පසුවද තවත් හතර දෙනෙකු මෙම බලකායට එක් කර තිබුණද එහිද දෙමළ නියෝජනයක් නොවීය. මෙම ක්‍රියාවට දිගින් දිගටම දෙමළ ජනයාගේ විරෝධය එල්ල වූ අතර නැවත නැවතත් අවධාරනය කෙරුණේ ද්‍රවිඩයන් ද මෙම ක්‍රියාවලියට ඇතුළත් කළ යුතු බවයි.

නැගෙනහිර පළාතේ පාරම්පරික උරුමය ආරක්ෂා කිරීමට බෞද්ධ පූජකයන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙන්නේ දෙමළ ජනයාගේ ඓතිහාසික හා සංස්කෘතික අනන්‍යතා විනාශ කර අනාගතයේ දී බෞද්ධ සිංහලකරණය කිරීමට දැයි තමා විමසීමට කැමැති බව තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

-තමිළ්කුරළ්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *