වත්මන් මන්ත්‍රීවරු බහුතරයක් එදා 19වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටියා – කරු ජයසූරිය

රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට ආණ්ඩුව සමත් වෙලා නෑ - හිටපු කථානායක කරු ජයසූරිය

රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට ආණ්ඩුව සමත් වෙලා නෑ - හිටපු කථානායක කරු ජයසූරිය

හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 19වන ව්‍යවස්ථා සංශෝධනය, සාමාජිකයින් 215 දෙනෙකුගේ කැමැත්ත ඇතිව සම්මත කළ බවයි. එය ඒකමතිකව ගන්නා ලද තීරණයකට සමාන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් 19වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති ප්‍රතිසංස්කරණවලට සහාය දුන් බවත්, ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් 19වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටි අය බවත් කරු ජයසූරිය සිහිපත් කළේය.

මෙම සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධානය යොමු කරන ලෙස ට හිටපු කථානායකවරයා ඉල්ලා සිටියේය.
මෙම සංශෝධනය මගින් පාර්ලිමේන්තුව ශක්තිමත් වන අතර ජනාධිපතිවරයා සතු අසීමිත බලතල අඩුකර අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් නිදහස් කිරීම සඳහා ස්වාධීන කොමිසම නැවත ස්ථාපිත කිරීම මෙම සංශෝධනය මගින් කළ හැකි බවයි.

සිය ප්‍රකාශයේ දී කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියේ 19වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් සියල්ලන්ගේම උපදෙස් මත සිදු කළ යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *