රාජ්‍ය ඇමැති 13 දෙනෙක්ට නිල නිවාස ඕනේලු ..

රාජ්‍ය ඇමැති 13 දෙනෙක්ට නිල නිවාස ඕනේලු

රාජ්‍ය ඇමැති 13 දෙනෙක්ට නිල නිවාස ඕනේලු

රාජ්‍ය ඇමැතිවරුන් දහතුන් දෙනෙක් මේ වෙන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිවාස පහසුකම් ඉල්ලා ඇත. මේ වෙන විටත් ඇමැතිවරු 7 දෙනකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිල නිවාස සපයා තිබේ.

දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සතුව නිවාස 72 ක් පවතින අතර එයින් 20 ක් ලෝරිස් පාරේ පිහිටා ඇත. මෙම නිවාසවල ඇමැතිවරුන්ට අමතරව හිටපු ජනාධිපතිවරු, අගමැති ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රබලයන්ට ද පදිංචිය සඳහා ලබා දෙනු ලබයි.

කොළඹ හා අවට පදිංචි රාජ්‍ය ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමක් සිදු නොවන අතර නිල නිවාසවල හිටපු ඇමැතිවරු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.


මැතිවරණයෙන් පරාජය වු හිටපු මැති ඇමතිවරු නිල නිවාස භාරදෙයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වු හිටපු මැති ඇමතිවරුන් විසින් ඔවුන්ට රජයෙන් ලබා දී තිබු සියලු නිල නිවාස යළි භාරදීමට කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක කාලයක් තුළ නිල නිවාස භාරදිය යුතු වුවත් පසුගිය මැයි මාසය වන විට නිල නිවාස භාර දී තිබුණේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි.නිල නිවාස භාර නොදුන් මැති ඇමතිවරුන්ට එරෙහිව නඩු පවරන බවට සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව සිය නිල නිවාස යළි භාරදීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව නඩු පැවරීමක් සිදුනොකළ අතර 8 වන පාර්ලිමේන්තුවේ සිටි සියලු මන්ත්‍රීවරුන් ද මේ වන විට සිය නිල නිවාස භාර දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *