කූඹියෝ ‘නායක සහෝදරයා’ දිවි ගමනින් සමු ගනියි !!

පරාක්‍රම ජයසිංහ

පරාක්‍රම ජයසිංහ

එකදා වැහි, කේසරා, චෙරියෝ හොල්මන යන චිත්‍රපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ පරාක්‍රම ජයසිංහ මහතා ඊයේ (19) සවස කළුබෝවිල රෝහලේදී දිවි සැරිය නිම කර තිබේ.

ඔහු මෑතකදී වඩාත්ම ජනප්‍රසාදයට පත් වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ ‘නායක සහෝදරයා’ ගේ චරිතයට ඔහු දුන් විශිෂ්ට දායකත්වය හේතුවෙනි.

ඒ වෙනුවෙන් 2019 රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයද ඔහු දිනා ගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *