රිෂාඩ් බදියුදීන්ගේ විවේකාගාරය ඉවත්කරන්නැයි උපදෙස්

රිෂාඩ් බදියුදීන් පරිහරණය කරපු සතොස ගොඩනැගිල්ලේ විවේකාගාරය

රිෂාඩ් බදියුදීන් පරිහරණය කරපු සතොස ගොඩනැගිල්ලේ විවේකාගාරය

හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ වෝක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ පිහිටි (සුඛෝපභෝගී යැයි මාධ්‍ය පවසන) පෞද්ගලික අමාත්‍ය විවේකාගාරය වහාම ඉවත්කරන ලෙස නව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලගුණවර්ධන මහතා එහි නිලධාරීන්ට ඊයේ(17) උපදෙස් දුන්නේය.

මෙහි පවත්වාගෙන ගොස් තිබූ නිදන කාමරය ඉවත් කර එහි තිබූ ඇඳක් ඇතුළු භාණ්ඩ සතොස ප්‍රවාහන අංශයට බාරදීමට අමාත්‍යවරයා දැනුම්දුන්නේය.
රිෂාඩ් බදියුදීන් පරිහරණය කරපු සතොස ගොඩනැගිල්ලේ විවේකාගාරය

මෙම අමාත්‍ය විවේකාගාරය තමන් පරිහරණය කිරීමට බලාපොරොත්තු වන තාවකාලික අමාත්‍ය කාර්යාලයට කිසිසේත් නුසුදුසු බැවින් එහි තිබූ සියලු අංගෝපාංග ඉවත් කිරීමටත් ආලිංදයත් සහිත සදලු තලයේ තිබූ සුඛෝපභෝගී පුටුවක් ඉවත් කිරීමටත් අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තේය.

-ලංකාදීප ඇසුරෙන් –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *